එදිනෙදා අපිට වටිනා අත් බෙහෙත් රැසක්
හිසරදයට
අබ හා සුදු හදුන් ගෙන අමු ඉගුරු හා දෙහි ඉස්ම වලින් අබරා නළලේ ගාන්න
උළුක්කුවට
උළුහාල්,පොල්,හික්පොතු ගෙන කොටා මලවා බදින්න වේදනාව ඇත්නම් ලුණු පොට්ටනියක් සාදා උණුවතුරෙන් තෙමා තවන්න
දද වලට
පෙති තෝර ඇට විනාකිරි වලින් අබරා ගාන්න
අළුහම් වලට
සුදු හදුන් දෙහි ඉස්මෙන් අබරා දින කිහිපයක් ගාන්න
උල් කටුවක් ඇදීමට
කටුව ඇනුන තැන එරබදු කොළ කොටා බදින්න කටුව ඇදී ඒවි
දැල බු විසට
පරණ පොල්තෙල් ගාන්න
කෙන්ද පෙරලුනු විට
දියලුණු ටිකක් කන්නට දී තල තෙල් වලින් සම්බාහනය කරන්න
හිරමනයට තුවාල වූ විට
හිරමන තලය රත් කොට එයින් පොල් ටිකක් ගා එම පොල්වලින් කිරි ගෙන තුවාලයේ ගාන්න
ඔයාගේ අදහස් අපට වටිනවා මෙතැනිනුත් දාන්න පුළුවන්...

0 comments:
Thank You