කෙට්ටුව මට්ටු කරන සිංහල වෙදකම

අද " මම  " අපි ඔයාට ගෙනාවේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න පුළුවන් වටිනා ලිපියක්.

කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමා තමන් හිතන විදියට තමාගේ ඇගපත හදාගන්න බැරි එක.
කෙට්ටුකම වැඩි වූ විට බොහෝ දෙනෙක්ට එක මානසික ප්‍රශ්නයක් දක්වා ගොඩ නැගෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ.
ඇත්තෙන්ම එක සාමාන්‍ය දෙයක්. තමාගේ රුපය බලන සැම මොහොතකම තමා ගේ කෙසග බව තමාට ගෙන දෙන අසහනකාරී බව අප දන්නවා.



ඉතින් අද ඉදන් ඔයාට ඒ ප්‍රශ්නෙට කිසිම විදියකට බය වෙන්න ඕන නැහැ.අද එකට නියම විසදුමක්  තමයි අපි ගෙනාවේ.

අද ගොඩක් අය මේ ප්‍රශ්නේට විසදුම් හොයන්න ගිහින් අමාරුවේ වැටිලා තියෙනවා අපි ඕන තරම් දැකලා තියෙනවා.සමහර පුද්ගලයෝ විවිධ බෙහෙත් වර්ග භාවිතා කරලා තමන්ගේ ඇගපත හදාගන්න උත්සහ කරලා ඒවගේ අතුරු ප්‍රතිපල විදින බව ඔයා දන්නවා ඇති නේ.තවත් පිරිසක් විවිධ කිරිපිටි වර්ග පානය කරලා කෙසග බව අඩු කරගෙන තියෙනවා. එත් ඔවුන්ට දිනපතා තමන්ගේ බර පිළිබද සැලකිලිමත් වෙන්න වෙනවා නැති නම් තමාගේ සිරුර ඔයා හිතනවටත් වඩා මහත් වෙනවා.එක තවත් මානසික අසහනයක්. හරියට එක සල්ලි දීලා ලෙඩ ගත්තා වගේ වැඩක්.

 එත් අපි ඔයාට දෙන්නේ එහෙම කිසිම අතුරු ප්‍රතිපලයක් නැති ඇග මහත් වුනාට පස්සේ ඔයාගේ පාඩුවේ වැඩ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් වෙන බෙහෙතක්.ඇත්තටම මේක නියම සිංහල බෙහෙතක්.

හරි අපි දැන් වැඩේට බහිමු.මේ බෙහෙත ඔයාම තමා හදා ගන්න ඕන එකට පහල තියෙන දේවල් මුලින්ම ඔයා හොයාගන්න ඕන.

1 උදු පිටි ග්‍රෑම් 50ක්              
2 රටඉදි ගෙඩි 20ක්
3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්
4 එළගිතෙල් මි.ලි 50ක්
5 මීපැණි මි.ලි 50ක්



 දැන්ඔයාට කියන්න යන්නේ මේක කොහොමද හදා ගන්නේ කියලා

ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න

දැන් මේ රටඉදි,අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න.එකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න.මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කර ගන්න ඕන.

එක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න.දැන් ඔයා බෙහෙත හදලා ඉවරයි.

වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි.දැන් මේ හදාගත්ත බෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා.කිසිම අතුරු ආබාධයක් නැතුව.ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයා ම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.

අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවක් ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්.අපි අපේ දේ විශ්වාස කරන්න ඕන.අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා.කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.

0 comments:

Thank You